රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ පලා ගිය මහර බන්ධනාගාර රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ රැඳවියා බන්ධනාගාර බුද්ධි අංශ භාරයට ගෙන ඇති බව පොලිසීය පැවසීය.
මහර බන්ධනාගාරයේ පසුගිය (29) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කර සිටි රැඳවියෙකු මෙලෙස ඊයේ (02) රාත්‍රියේ පලා ගොස් තිබුණු බව රාගම රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය.
මෙම රැඳවියා රාගම රෝහලේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ද ලක් කර ඇති අතර ඊට අදාළ වාර්තාව අද (3) ලැබීමට නියමිතය.