කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ: ආසාදිතයන් 60 කට අධික පිරිසක්
වැල්ලවත්ත පොලිස් වසමට අයත් නෆීර්වත්ත ප්‍රදේශය අද (17) හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද දින එම ප්‍රදේශයේ පුද්ගලයන් ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ලක් කළ අතර එහිදී පුද්ගලයන් 60 කට අධික සංඛ්‍යාවකට කොරෝනා ආසානදන වී ඇති බව අනාවරණය වූ බව මේ පිළිබඳව අප කළ විමසීමකදී සෞඛ්‍ය අංශ සඳහන් කළේය.