පළාත් කිහිපයකට අද වැසි

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දිවයින පුරා අහස වලාකුළු සහිතව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මි.මී 100ට තද වැසි ඇති වේ.

උතුරු සහ උතුරු මැද පළාත් හරහා සුළඟේ වේගය විටින් විට පැ.කි.ම‍ 40 – 50 දක්වා වැඩි විය හැකිය.