රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා සුරේෂ් සලෙයි, යෂ්මින් සූකාගෙන් වන්දියක් ඉල්ලයි !

සක්‍රිය හමුදා සේවයේ නිලධාරියකු, ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි (Major General Suresh Sallay) විසින් සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්‍ෂිකා යෂ්මින් සූකාගෙන් වන්දියක් ඉල්ලා එන්තර් වාසියක් යොමුකර ඇත. ඒ නීතිඥ පසන් වීරසිංහ මාර්ගයෙනි.

එමගින් ඔහු දක්වා ඇත්තේ යුද අපරාධවලට සම්බන්ධ බවට, තම ජීවිතයටද හානියක් විය හැකි පරිදි සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් ඇය තමාගේ කීර්ති නාමයට හානියක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස වන්දි ඉල්ලන බවයි.

මේජර් ජනරාල් සුරේෂ් සලේගේ නීතිඥ පසන් වීරසිංහ විසින් DHL කුරියර් සේවාව මගින් ලන්ඩනයේ පිහිටි යස්මින් සුකාගේ ලිපිනයට හා ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ මූලස්ථානයට මෙම එන්තරවාසිය යවා තිබේ.

ඉතිහාසයේ පළමු අවස්ථාව !

සක්‍රිය සේවයේ නිරත නිලධාරියකු ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව නීති මගින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ.

සුරේෂ් සලේ ඇතුළු නිලධාරීන් පස්දෙනකු ඉකුත් මැයි 22දා සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමෙන් පසුව යස්මින් සුකා එම නිලධාරීන් විවේචනය කරමින් පසුගිය ජුනි 01දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එල්.ටී.ටී.ඊ.ය සමග සම්බන්ධකම් පැවැත්වූ වෛද්‍ය තුරෙයිරාජා වර්ධරාජා නමැති දැනට ඇමෙරිකාවේ සිටින වෛද්‍යවරයා 2009 වන්නි මානුෂික මෙහෙයුමෙන් පසුව අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණ වූ බව හා තවත් චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් යස්මින් සුකා විසින් සුරේෂ් සාලේට එරෙහිව නිවේදනය නිකුත් කර තිබිණි.

”ලසන්ත ඝාතනය වන කාලයේ ලංකාවේ හිටියෙවත් නැහැ”

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට චෝදනා නැගුණු නිලධාරියකු මේජර් ජනරාල් සුරේෂ් සලේගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ බවද යස්මිත් සුකා ප්‍රකාශ කර තිබිණි.

කෙසේවුවද මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි එකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධිය වන සමයේ තමා ලංකාවේ නොසිටිබවද කියා සිටියි. තමා ලංකාවට පැමිණියේ 2009 මාර්තු 01දා බවද ඔහු පවසයි.

කීර්ති නාමයට හානි සිදුවීම මෙන්ම මේජර් ජනරාල් සුරේෂ් සාලේයිගේ පුද්ගලික දත්ත අනාවරණය කරමින් කටයුතු කිරීම මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට යස්මින් සුකා පියවර ගෙන ඇති බවද එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.

ඉල්ලා ඇති වන්දි මුදල දින දාහතරක් තුළ නොදුණහොත් අයි.ටී.එල්.පී. (ITLP) ‍‍වෙබ් අඩවිය මගින් යස්මින් සුකා කළ අපහාසාත්මක ප්‍රකාශයන්ට එරෙහිව මෙරට අධිකරණය හමුවේත් ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව නීතිඥ පසන් වීරසිංහ පවසයි.

සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට !

හමුදා බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි සුරේශ් සලේ සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නැයි එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

හමුදා බුද්ධි ප්‍රධානියා පුදුකුඩිඉරිප්පු රෝහලේ හිටපු වෛද්‍ය තුරේරාජා වර්ධරාජාට වධහිංසා පමුණුවා බොරු ප්‍රකාශයන් ලබාගත් බවත් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව වසන් කළ බවත් සුකා සිය පැමිණිල්ලේ දක්වා තිබේ. ලසන්ත වික්‍රමතුංග සිද්ධියටද බුද්ධි ප්‍රධානියා සම්බන්ධ බවට ඇය එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම සර්වලෝක නීතිය යටතේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යුරෝපා රටකට ගියහොත් අත්අඩංගුවට පත්වීමේ අවධානමක් පවතී.

මේජර් ජෙනරාල්වරයාට අමතරව තවත් හමුදා නිලධාරීන් 58 කට සර්වලෝක නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඇය මෙයට පෙර ඉල්ලා තිබුණි.

මාධ්‍ය නිවේදනය

“Major General Suresh Sallay to institute legal action against Yasmin Sooka and ITJP”

Major Genaral Suresh Tuan Sallay, the Incumbent Director of the State Intelligence Services of Sri Lanka has taken steps to send a Letter of Demand to Ms. Yasmin Sooka and the International Truth and Justice Project (ITJP).

The said Letter of Demand sent through Major General Sallay’s Lawyer: Pasan Weerasinghe, Attorney-at-Law, states that on or about 01st June 2020, Ms. Yasmin Sooka, in her capacity as the Executive Director of the ITJP has issued a press statement making various defamatory remarks against Major General Sallay. The press statement is said to be published via the ITJP Sri Lanka’s website.

The Letter of Demand highlights the defamatory implications have resulted in parties with vested interests making attempts on the life of Major General Sallay. Further, the Letter of Demand goes on to mention the numerous awards and achievements of Major General Sallay and the resultant character and reputation he has thus garnered.

Further, it states that the defamatory remarks of Ms. Sooka published by the ITJP Sri Lanka website have caused unto the Major General’s character and reputation a significant damage, which the Major General has valued at 1 Billion Sri Lankan Rupees and in turn, demanded that Ms. Sooka and ITJP pay.

The Letter of Demand has also notified Ms. Sooka and the ITJP to cease and desist from issuing further defamatory remarks and the intention of Major General Sallay to seek litigative remedies, both Civil and or Criminal, if Ms. Sooka and the ITJP fails to adhere to said demands.

Comments are closed.