රටටම ඇඳිරි නීතිය දාන්න නිරෝධායන පනතේ ප්‍රතිපාදන නැතිලු !

රට පුරා ඇඳිරි නීතිය පැනවීම සඳහි දැනට ක්‍රියාත්මක නිරෝධායන සහ වසංගත වැළැක්වීමේ ආඥා පනතෙන් ප්‍රතිපාදන ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. එම ආයතන විසින් ඇඳිරි නීතිය පැනවීමට අදාලව නිර්දේශ මාලාවක් රජය ඉදිරිපත් කරමින් කියා සිටින්නේ නිරෝධායන සහ වසංගත වැළැක්වීමේ ආඥා පනත යටතේ හෝ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හෝ ඒවා විධිමත් රෙගුලාසි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙසයි.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිිරීම සඳහා රටපුරා ඇඳිරි නීතිය පැනවූ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගැටලු පවතින බව මීට පෙර ද පාර්ශ්ව කිහිපයක් අවධාරණය කර තිබූ අතර අධිකරණ ඉදිරියේ මෙය සාකච්ඡා වී තිබිණි. මානව හිමිකම් ‍කොමිසම ද මේ තත්වය පෙන්වා දී තිබේ. එම කොමිසම පවසන්නේ නිරෝධායන පනතට අනුව ඇඳිරි නීතිය පැනවිය හැක්කේ එක්තරා සීමිත ප්‍රදේශයකට පමණක් බවයි. අදාල ප්‍රදේශය හරහා ගමන් කිරීම සීමා කිරීමට පමණක් රෝග නිවාරණ හා වැළැක්වීමේ ආඥා පනත මගින් ප්‍රතිපාදන සපයයි.

රට පුරා ඇඳිරි නීතිය පැනවීමට තරම් එම ප්‍රතිපාදන ශක්තිමත් නොමැති බවත්, ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය කළ බවට පවසමින් අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම ද ගැටලු සහගත බවයි මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ.

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීම විධිමත් ලෙස සිදුකළ යුතු අතර ඒ සඳහා පොදු වසම් (ප්‍රදේශ) තිබිය යුතු බවත් දැනට ඇඳිරිනීතිය පැනවීමේ නිර්දේශ මත පොදු වසම් ප්‍රකාශ කිරීමක් නොමැති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Comments are closed.