විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන්යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ.

සෙස්නා කැරවන් නම් ආසන නවයක් සහිත මෙම යානයෙන් කිසිදු කාබන් විමෝචනයක් සිදුනොවන බව එහි නිශ්පාදක සමාගම වන මැග්නික්ස් ආයතනය පවසයි.

යානයට පැයට සැතපුම් 114ක වේගයෙන් ගමන් කළහැක.

2021 අවසන් වනවිට යානය වාණිජ ගුවන් ගමන් සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව ද නිශ්පාදකයෝ පවසති.

Comments are closed.