අගමැති වී සජිත් රට හදන ප‍්‍රතිපත්තිය ජනපතිට බාර දෙයි..

ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු රට ගොඩනගන ආකාරය ගැන ප‍්‍රතිපත්ති ප්‍රකාශනයක් සමගි ජන බලවේග විසින් එළිදැක්වීමට නියමිතව ඇත.

එළඹෙන සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කිරීමට නියමිතය.

එහි පිටපතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ලබාදීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොඩනැගෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පිහිටා බව ද පක්‍ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Comments are closed.