එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සටනට පස් දෙනෙක් පොර පිටියේ. හයවැන්නා තවම නිහඬයි

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාගැනීම සඳහා මේ වනවිට පස් දෙනෙකු විවෘතවම පොර පිටියට පැමිණ සිටිති.

රවී කරුණානායක, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ දයා ධර්මපාල ගමගේ යන මහත්වරුන් මෙසේ එජාප නායකත්වය අපේක්ෂාවෙන් සිටින අතර එහි පළමු පියවර වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් පුරප්පාඩු වූ එජාප නියෝජ්‍ය නායක තනතුර ලබාගැනීමට ඔවුහු තරගවැද සිටිති.

මේ අතර විජේවර්ධන – වික්‍රමසිංහ පරම්පරා උරුමක්කරු වශයෙන් එජාප නායකත්වය පත්වීමට වැඩි ඉඩක් පවතින රුවන් විජේවර්ධන මහතා තවමත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආකාරයක් ද පෙනේ.

අවසන් වරට 2019 වසරේදී පැවති පක්ෂ මහා සම්මේලනයේදී සම්මත කරගත් යෝජනා අනුව 2023 වසර දක්වා නායකත්වය දැරීමට රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයෙන් බලය ලැබී තිබේ.

Comments are closed.