කන්දකාඩු කොරෝනා පොකුර 492ක් ලෙස ඉහළට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සම්බන්ධ Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 492ක් ලෙස දැනට සිදුකර තිබෙන පරීක්ෂණ වාර්තාවලින් තහවුරු කර ඇති බව Covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් අතරින් 429ක් පුනරුත්ථාපනය වන අය අතර 47ක් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

මේ අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 16ක්ද කොරෝනා ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.

Comments are closed.