පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් (මිඩ්වයිෆ්) 600 කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ්
පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 600 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් – 19 ආසාදනය වී සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු කියයි.
‘කොවිඩ් -19’ ආසාදිතව මීගමුව රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් සිවුදෙනාගෙන් එක් නිලධාරිනියක් බිම මෙට්ටයක් මත සිටින බව පැවසූ කොඩිතුවක්කු මහත්මිය සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්‍ෂාව සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසික්‍රමවේදයක් සකස් කර නොමැති බවට ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරමින් චෝදනා කර තිබේ.