විදේශ සංචිතවල මුදල් නිකුත් කළ නොහැක : මහ බැංකුව බැසිල්ට කියයි
මුදල් නීති පනත යටතේ විදේශ සංචිතවල මුදල් නිකුත් කළ නොහැකි බව මහ බැංකුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැනුම්දී තිබේ.
රාජපක්ෂ මහතා ඉකුත් කැබිනට් රැස්වීමේදී මේ බව කැබිනට් මණ්ඩලයට ද දැනුම් දී ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.
මීට පෙර භාණ්ඩාගාර බිල්පත්වලින් ද 10%ක් ලබාගත් බවත්, මේවන විට එයද 90%ක් දක්වා වර්ධනය වී ඇති බව බැසිල් මහතා දැනුම්දී තිබේ.
විදෙස් සංචිතවලින් මුදල් ගැනීමට වුවහොත් යළි මුදල් අච්චු ගැසීමට සිදුවන බවද ඔහු පවසා ඇත