කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යා 100 පන්නයි!

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමින් කොවිඩ් මරණ 111ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අතර කාන්තාවන් 55 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 56 දෙනෙකුද සිටි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊයේ (8) දින තහවුරු කර ඇති එම මරණ 111ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළගොස් ඇත.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 90 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ පවසති.