හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්තවිය

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකුද වන සිරිසේන කුරේ මහතා අද (30) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔහු 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

අනතුරුව 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද ඔහු කටයුතු කළේය.