Twitter සම නිර්මාතෘ ජැක් ඩොර්සි විධායක තනතුරෙන් අස්වේ

Twitter සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහුගෙන් හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
Parag Agrawal

2006 වසරේදී නිර්මාණය කළ Twitter සමාගමේ සහ ස්ක්වෙයාර් නම් ගෙවීම් සිදුකරන සමාගමේද ප්‍රධාන විධායකයා ලෙස ද ඔහු කටයුතු කළා.

45 හැවිරිදි ජැක් ඩොර්සි, 2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව Twitter සමාගම නිර්මාණය කළා.