‘අපි පොඩි ටෙස්ට් එකක් කරලා බැලුවා’! රට පුරාම පිපිරෙන කොට ලිට්‍රෝ සමාගමේ කළමනාකරුවෙක් කියන කතාව!

ගෑස් සිලින්ඩරවල සංයුතියේ වෙනස්කමක් ‌කිරීමට ඉකුත් ජුලි මාසයේදී කටයුතු කළ බවත්, එම උත්සාහය අසාර්ථක වූ බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අයි. විජේරත්න මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

එම අසාරථක වීම හේතුවෙන් අදාළ සියලුම සිලින්ඩර නැවත කැදවූ බවද ඒ මහතා සදහන් කොට තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමනිසා දැනට වෙළෙදපොළේ පවතින ගෑස් සිලින්ඩර නියමිත ප්‍රමිතියෙන් පවතින බවද ඒ මහතා සදහන් කර සිටියේය.


ගෑස් ලීක් නම් 1311ට කෝල් එකක් දෙන්න!

ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දිය හැකිය.

රටපුරා ගෑස් අනතුරු අඛණ්ඩව සිදු වීම පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියකු පැවැසීය.