ප්‍රේමදාස ජනාධිපති ඝාතනය කරපු දවස! පුතා අද මාර කතාවක් කරයි! (Video)

අද තමයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ඝාතනය කරපු දවස! තාත්තගෙ පිළිරුව අසල සිට පුතා අද මාර කතාවක් කරයි! සියල්ල අතහරින්න සූදානම් බව ජනතාවට කියයි! තර්ජනය කරන බලපෑම් කරන අයටත් විශේෂ පණිවුඩයක් දෙයි ! 

හොරකම් වංචා දූෂණ කළමනාකරණය කොට ඒවායින් බේරීම සඳහා ගෙන එනු ලැබූ ප්‍රෝඩාකාරී උපක්‍රමය අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එයින් මේ රට ගොඩනඟනවා වෙනුවට සිදු වන්නේ තවදුරටත් රට කාබාසිනියා කිරීම යයි පැවසූ විපක්ෂ නායකතුමා එවැනි ප්‍රෝඩාකාරි ආණ්ඩුවක් සමග සිට ගන්නවට වඩා තනතුරු අත්හැරීම තමන්ට සතුටක් යැයිද පැවසීය.

මේ රටේ ජනතාවගේ ශුද්ධ වූ අරගලය වංචාකාරී අයුරින් පාවා නොදෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව ඉදිරිපිට සිට ඒ වෙනුවෙන් සහතික වන බවද පැවසීය.

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 29 ගුණානුස්මරණ උත්සවය අද (01) අලූත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අබියස දී පැවැත්විණි.