කුලියාපිටිය තරුණයෙක් මරුට, ඩිෆෙන්ඩරයක් පාර මැද ගිනි තබයි (VIDEO)

රිය අනතුරක් හේතුවෙන් තරුණයකු මරණයට පත්වීම හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අද සවස 6ට පමණ කුලියාපිටිය ධර්මරාජ විද්‍යාලය ඉදිරිපිට දී මෙම අනතුර සිදුව ඇති අතර මරණයට පත්වී ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ආ තරුණයාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අප වාර්තාකරු සඳහන් කල ආකාරයට මියගිය තරුණයා විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 39ක් වනවා.

එම අවස්ථාවේ ම රැස් වූ මියගිය තරුණයාගේ ඥාතින් සහ කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා තිබේ.

ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ රක්ෂණ සමාගමක කළමනාකරුවෙකු වන අතර සිදුවීම වූ අවස්ථාවේ අදාළ රථය තුල ඔහු සහ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා සිට තිබෙනවා.

අනතුර සිදුවූ වහාම ඔවුන් දෙදෙනා අදාළ ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

මේ වනවිට අනතුර සිදුකල පුද්ගලයාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා.