ප්‍රජාතන්ත්‍රවාදීව රනිල් අගමැති කළා වගේම , රනිල්ව ගෙදරත් යවනවා : සුමන්තිරන්

අද ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ජනවරම අහිමි කරගත් ජනාධිපතිවරයකු බවත්, එවැනි ජනවරම අහිමි කරගත් අයකු කිසිදු ජනවරමක් නැති පුද්ගලයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එද්.ඒ. සුමන්තිරන් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් යනු අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට පවා පැමිණීමට නොහැති වූ පුද්ගලයකු යැයි කියාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම 2018 වසරේ සිදුවූ දින 52 කුමන්ත්‍රණයේදී රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රජාතන්ත්‍රවාදීව යළි අගමැති කරවීම සදහා සටන් කළා සේ මෙවර වික්‍රමසිංහ මහතාව ගෙදර යැවීම සදහා ප්‍රජාත්න්ත්‍රවාදීව සටන් කරන බවද ඒ මහතා කීය