අරුන්දික ප්‍රනාන්දුගේ පයිලට් පචේ අතේ මාට්ටු වෙයි!

පසුගිය 09 වනදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් විසින් සිය නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර කළ ලිපි ඇතුළු වැදගත් ලියවිලි විනාශ වූ බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මන්ත්‍රීවරයා ගුවන් හමුදාවේ සේවය කළ බවට කිසිදු තොරතුරක් ගුවන් හමුදා ලේඛණවල නොමැති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයෙන් පසුව ගුවන් හමුදාව මේ ගැන සොයා බැලීම් සිදුකර තිබෙනවා.

එහිදී හෙළිවුයේ මන්ත්‍රීවරයා ගුවන් නියමුවන් බඳවා ගැනීමේ ශක්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට සහභාගිවී තිබෙන බවත් එහිදී ඔහු ඉන් අසමත් වී ඇති බවත්ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ගුවන් නියමුවෙක් විදිහට බැඳෙන්න පැමිණෙන පුද්ගලයින් මුලින්ම ශක්‍යතා පරීක්ෂණයට යොමු කරන බවත් එම පරීක්ෂණය සමත් වුණොත් පමණක් එම පුද්ගලයාව ගුවන් හමුදාවේ බඳවා ගැනීම් ඛණ්ඩයට ඇතුලත් කරන බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,


අරුන්දිකගේ පයිලට් පචේ අතේ මාට්ටු වෙයි! (වීඩියෝ)