ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැන විපක්ෂයෙන් ප්‍රශංසා

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්ධන කමිටුවට සහභාගී කරගැනීමට ආණ්ඩුව ගත් තීරණය අගයකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු පවසන්නේ ආණ්ඩුව විසින් ගන්නා යහපත් තීරණ අගය කිරීමට විපක්ෂය කිසිවිට නොපැකිලෙන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.

එහිදී, “අනිල් ජාසිංහ මහත්තයාව කොවිඩ් බලකායට එකතු කර ගන්න තීන්දුවක් අරන් තිබ්බා. අපි දිගින් දිගටම අවධාරණය කරපු කාරණාවක් මේක. ඒ ගැන අපි රජයට සහ සෞඛ්‍ය ඇමතිතුමියට ස්තූතිවන්ත වෙනවා. අපි කුහක නෑ.” යනුවෙන් ද සඳහන් කෙරුණි.