ටින් මාළු සඳහා අඩුකර තිබූ බද්ද රු. 100න් ඉහළ දමයි

ටින් මාළු ආනයනයට අදාළව අඩු තිබූ විශේෂ තීරු බද්ද ඊයේ (18) රාත්‍රියේ සිට රුපියල් 100 දක්වා වැඩිකර තිබේ.

පසුගිය ඔක්තෝබර් 13 දින සිට ටින් මාළු කිලෝවක් සඳහා අයකරන තීරු බද්ද ශත 25 දක්වා අඩුකර තිබුණි. රජය විසින් ටින් මාළු කිලෝ එකක මිල තීරණය කර ඇත්තේ රුපියල්200/= කට වන අතර නව තීරු බද්දක් සමග ටින් මාළු කිලෝ එකක මිල රුපියල් 248.50 දක්වා ඉහල යනු ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ටින් මාළු බද්ද වැඩි කිරීම කිරීම නිසා ටින් කරන ලද සාඩින්, හුරුල්ලන්, ඇටවල්ලා, මැකරල් සහ ටූනා ආදී සියලුම අසුරන ලද මාළු වර්ග මිළ ඉහල යනු ඇත.

මේ අතර සීනි සඳහා වූ බද්ද ඉවත් කිරීමට පසුගිය දින කිහිපය තුලදී සාකච්ඡා වට කිහිපයක් තිබුණ ද රජය සීනි සඳහා වූ අඩු කරන ලද බද්ද වැඩිකර නොතිබීමද විශේෂත්වයකි.