කොවිඩ් වැළඳී දින 14ට පසු PCR නොකර ගෙදර යැවූ පුද්ගලයෙකු නැවතත් ආසාදිතයෙකු බව තහවුරු වෙලා

කොවිඩ් වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන දින 14ක් නිරෝධායනය වී දෙවැනි PCR පරීක්ෂණයක් සිදු නොකර නිවසට යැවූ පුද්ගලයෙකු පසුව යළිත් කොවිඩ් ආසාදිතයකු වශයෙන් තහවුරු වී ඇති බව වාර්තා වේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එම පුද්ගලයා පසුගිය ඔක්තෝබර් 13 වනදා සිට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර 25 වැනිදා කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා දින 14කට පසුව PCR පරීක්ෂණයකින් තොරව නිවසට යවා ඇති බව සඳහන් වේ.

නිවසේදී තවත් දින 14ක් නිරෝධායනය වෙමින් සිටි ඔහු ඇතුළු පවුලේ සාමාජිකයින් සිව් දෙනෙක් කොවිඩ් ආසාදිතයින් වශයෙන් පසුව හඳුනාගැනීමට ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.