ඡන්දෙ නොතිබ්බෙ සල්ලි නැතිව නෙමෙයි ඡන්ද නැතිව! – ජී.එල්. පීරිස්

මැතිවරණය නොපැවැත්වූවේ මුදල් නැති නිසා නොව රජයට ජනතාවගේ සහයෝගය නැති නිසා බවත්, මේ රජයට ජනතා සහය තිබෙන්නේ 8%ක් පමණක් බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.

මේ පාර්ලිමේන්තුව අවලංගු කාසියක් බවත්, මෙවැනි පාර්ලිමේන්තුවකින් රටේ ප්‍රශ්න විසදිය නොහැකි නිසා පාර්ලිමේන්තුවත් විසුරුවා හැරිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පලාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් ජාතික මට්ටමේ මැතිවරණය තියන්න වෙනවා.රජය බය ඒකටයි. මැතිවරණය කල්දැමීමේ උත්සාහය අවසන් වෙලා නෑ. මේ අයට පැකිලීමක් ලැජ්ජාවක් නෑ. තමන්ගේ ආත්මාර්ථකාමී ඉලක්කය වෙනුවෙන් නොකරන දෙයක් නෑ. මැතිවරණ කොමිසමේ නියෝජිතයන් පාර්ලිමේන්තු ව හමුවට කැදවන්න සූදානම් උනා. ඒක සුදුසු නැහැ.එහෙම කරනවා නම් මේ කොමිෂන් සභා වලට ස්වාධීන කොමිෂන් සභා කියලා කියන්න බෑ. ස්වාධීන කියන කොමිෂන් සභා ස්වාධීන නාමමාත්‍රිකව පමණයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැදවන්න යෝජනා කලා.ඒක ඉතාම භයාණ