ශ්‍රී ලංකාව පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02ක තියුණු ජයක් ලබයි!…

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා නවසීලන්ත කණ්ඩායම කඩුළු 02කින් ජයගෙනය.

නායක කේන් වියිලම්සන් නොදැවි අති විශිෂ්ට ශතකයක් වාර්තා කරමින් නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙත ඔසවා තැබීය. ඔහු ලකුනු 121 ලැබීය. ඊට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 194කට මුහුණ දුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඩැරිල් මිචෙල් දෙවැනි ඉනිමේ ද ලකුණු 81 ලැබුවේය. ඒ පන්දු 86කිනි. ඊට හතරේ පහර තුනක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය.

උදෑසන පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාද වී ආරම්භ කළ තරගයේ සැලසුම නවසීලන්ත කණ්ඩායම විසින් වෙනස් කර තිබිණි. ජය පරාජයෙන් තොරව අවසන් වීමට බොහෝ ඉඩකඩක් තිබූ තරගයක් නවසීලන්තය විසින් දිනා ගත්තේය.

ඊයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරමින් පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය ඒ තරම් පහසු එක්ක වූයේ නැත. නවසීලන්ත කඩුලු 07ක් දිනය තුළ දැවී ගියේය.