‘නාටු නාටු’ ගීතය ඔස්කාර් 2023 සම්මානය ලබමින් ඉතිහාසගතවේ (Videos)

තෙළිඟු භාෂාවෙන් (නිර්මාණය වූ) ජනප්‍රිය RRR චිත්‍රපටයේ එන ‘නාටු නාටු’ ගීතය ඉතිහාසයට එක්වුයේ ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය බවට පත්වෙමිනි.

මෙම අතිශය ජනප්‍රිය ගීතය ලේඩිගාගා, රිහානා වැනි ප්‍රබලයන් පරදවමින් 95 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳ ම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය දිනා ගත්තේ ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!


එහි සිත්ඇදගන්නා තාලය සහ නර්තන නිර්මාණය ලොව පුරා රසිකයන් වසඟයට පත් කොට තිබේ.

සම්මානය භාරගනිමින් (මෙම ගීතයේ) සංගීත අධ්‍යක්ෂක එම්.එම්. කීරවානි පැවසුවේ ගීතය “හැම ඉන්දියානුවෙක්ගේම ආඩම්බරය” බවය.

ඇමෙරිකානු සංගීත ශීල්පීන් යුගලයක් වන The Carpenters (විසින් ගායනා කළ) ගීතවලට සවන් දෙමින් තමා හැදී වැඩුණු බව පැවසූ ඔහු, සිය කතාවේ ඉතිරිය ඔවුන්ගේ ජනප්‍රිය ගීතයක් වන Top Of The World ගීතයේ තාලයට ගායනා කළේ ය.

RRR( චිත්‍රපටය) “මාව ලෝකයේ ඉහළට ම ගෙන ගියා” යැයි කීරවානි පැවසූ විට ප්‍රේක්ෂකාගාරය වේගයෙන් සිනාසෙමින් අත්පොලසන් දුන්හ.

බොහෝ ඉන්දියානුවන් ට්විටර්හි ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබේ.

තෙළිඟු භාෂාව කතා කරන, දකුණු ඉන්දීය ප්‍රාන්ත දෙකක බලපෑම් සහගත දේශපාලනඥයෙක්වන එන්. චන්ද්‍රබාබු නයිදු ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ මෙම ගීතය “ඉතිහාසයේ තමන්ගේ තැන තහවුරු කරගත්තා.” යනුවෙනි. “මේක ඉන්දියානු සිනමාවේ කදිම අවස්ථාවක් වගේ ම ඒක තෙළිඟු දිනුමක් නිසා තවත් විශේෂයි.” ඔහු ලියා තිබුණේය.

චිත්‍රපටයේ නිල ට්විටර් ගිණුම විසින් මෙම ජයග්‍රහණය “විශ්මයජනක මොහොතක්” ලෙස නම් කළ අතර එය “ලොවපුරා සිටින විශිෂ්ට ප්‍රේක්ෂකයන්” වෙත පිරිනැමුවේය.

නිළි දීපිකා පදුකෝන් 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළට ඉන්දියාවෙන් විශේෂ ආරාධිත අමුත්තියක් ලෙස සහභාගී වූවාය.

පසුව ඔහු රාජමෞලිගේ R.R.R සඳහා ඔස්කාර් වේදිකාවට ගියේය. ඇය චිත්‍රපටිය සහ එහි ඇතුළත් ජන ගීතය ගැන හැඳින්වීමක් කළාය.

R.R.R ‘නාටු නාටු’ ගීතය