තවත් කොවිඩ් මරණ 4ක්

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු එසේ මියගොස් ඇත.

එසේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.

මියගිය අය වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ 70 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ 27 කාන්තාවක්, කළුතර පොකුණුවිට 59 හැවිරිදි කාන්තාවක් සහ කළුතර, හල්තොට 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදිනය සමග ඇති වු නියුමෝනියා තත්ත්වයකි.

අවුරුදු 27 ක් වයසැති කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි තරුණියකි. කොළඹ ජාතික රෝහලෙන් කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය හේතුවෙන් උත්සන්න වු අක්මා රෝගී තත්ත්වයකි.

කලුතර දිස්ත්‍රික්කයේ පොකුණු විට පදිංචි අවුරුදු 59ක කාන්තාවක් ද කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ. නිවසේ දී මියගොස් ඇති එම කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වය හා අධික රුධිර පීඩනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට පදිංචි අවුරුදු 59ක පිරිමි පුද්ගලයෙක් ද කොවිඩ් ආසාදනයෙන් මියගොස් තිබේ. නිවසේ දී ඔහු මියගොස් ඇති අතර, කොවිඩ් ආසාදනයෙන් ඇති වු පපුවේ ආසාදන තත්ත්වයක් මරණයට හේතුවී ඇත.