IDHහි ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුතෙක් පැනගිහින්

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙක් රෝහලෙන් පැනගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඔවුන් සොයා ගැනීම සඳහා මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබේ.