කොවිඩ් ආසාදිතයින් 194ක්

අද (19) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 194ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 437ක් වාර්තා වී තිබේ.

මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 15,330ක් ලෙස දැක්වේ.