ශ්‍රී ලංකා කණ්ඩායම ශතක 04ක්… කඩුළු 06ක් දැවී ලකුණු 591ට ඉනිම අත් හිටුවයි

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුළු 06ක් දැවී ලකුණු 591 ක් සහිතව අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තැනකය.තරගයේ ශතක හතරක් වාර්තා වූයේය..

නොදැවී පහර දෙන දිනේෂ් චන්දිමාල් පන්දු 155ක් තුළ හතරේ පහර 12ක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය. චන්දිමාල් මේ වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ 14 වැනි ශතකය ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. ඔහු පන්දු 114කට මුහුණ දී හතරේ පහර 11ක් සමගින් ලකුණු 102ක් නොදැවී ලබා ගත්තේය.

ඊයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 281ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ශතක වර්තා කළහ. දිමුත් ලකුණු 179ක් වාර්තා කළේය. කුසල් 140ක් ලබා ගත්තේය.