ගෝඨාගේ කණෙන් රිංගා වියත්මගේ ගොඩහේවා ගැසූ නැවේ වන්දි වංගුව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි

පසුගිය 2020 වසරේ සැප්තැම්බර් මස 03 දින නැගෙනහිර ශ්‍රී ලංකා මුහුදේ ගිනි ගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක පාරිසරික හානි වන්දි මුදල ලබා ගත නොහැකිවන සේ එම නෞකාව ලංකා මුහුදු සීමාවෙන් පිටතට යැවීම සඳහා කටයුතු කර ඇත්තේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් මෙන්ම වියත් මග නියෝජනය කළ රජයේ ප්‍රබල දේශපාලකයෙක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා බවත්, හිටපු ජනාධිපතිවරයාගේ නියෝග අවභාවිතා කරමින් නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග කඩ කර කුමණ හෝ හේතුවක් මත ඔහු මෙම අශිලාචාර ගනුදෙනුව පසුපස සිටි ආකාරය පෙනෙන බවත් අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම නෞකාව මුදා හරින ලෙස නාලක ගොඩහේවා විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබුණ නමුත් ඒ සඳහා ජනාධිපතිවරයා අවසර දී නැති බවය. නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව සහ අදාල සියලුම වන්දි මුදල් ලබා ගන්නා තුරු නෞකාව මුදා නොහරින ලෙස හිටපු ජනාධිපතිවරයා නාලක ගොඩහේවාට උපදෙස් ලබා දී තිබුණු අයුරු හෙළි වූ බව අධිකරණ ඇමතිවරයා කීවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේ තිබිය දී හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ විසින් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත බව පවසා නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත් කර හැර ඇති බව අධිකරණ ඇමතිවරයා විසින් හෙළි කළේය.
අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙසේද පැවසුවේය.

“නව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාව ගිනි ගැනීම සිද්ධ වුනේ 2020 සැප්තැම්බර් 03දා… නැගෙනහිර වෙරළේ තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ.”

“ඒ සම්බන්ධව අපි නඩු තුනක් පවරලා තියනවා. සමුද්‍රීය පරිසර හානිය සඳහා ඇමරිකානු ඩොල් මිලියන 22ක්. නාරා ආයතනය විසින් දරන ලද වියදම් ඇමරිකානු ඩොලර් 75640ක්, ධීවර ප්‍රජාවට සිදුවූ පාඩුව ලෙස ඇමරිකානු ඩොලර් 2,73,014ක් අය කරගැනීම වෙනුවෙන් එම නඩු තුන පවරා තියනවා. “