චන්ද්‍රන් රත්නම් පාසල් සිනමා උළෙලේ සම්මාන පිදුම

පාසල් ළමුන් 600 ට වැඩි පිරිසකගේ දායකත්වය ලැබුණ,පාසල් 60 ක දරුවන් ඉදිරිපත් කළ කෙටි චිත්‍රපටවලින් පෝෂණය වුණ චන්ද්‍රන් රත්නම් අන්තර් පාඨශාලාන්තර කෙටි චිත්‍රපට තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය අප්‍රේල් 27 වන දා පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පැවත්වෙන්නට නියමිතයි.මෙම සිනමා උළෙලට සිංහල,දෙමළ සහ ඉංග්‍රිසි යන මාධ්‍ය තුනෙන්ම සිනමා පට ඉදිරිපත් කෙරුණ අතර හොඳින්ම සිනමා බස හැසිරවිය හැකි ආකාරයේ සාධනීය ලක්ෂණ පෙන්වන සිනමා පට අතරින් එදින හොඳම චිත්‍රපටය තෝරා ගැනීමට නියමිතව ඇත.

හොඳම චිත්‍රපටයට අමතරව දෙවන සහ තෙවන ස්ථාන ද මේ චිත්‍රපට අතරින් තෝරා ඇගයීමට ලක් කිරිමට නියමිතය.මාස ගණනක් තිස්සේ යූ ටියුබයට මුදා හැර විශාල ප්‍රෙක්ෂකාගාරයකට මේ සිනමා පට නැරඹීම සඳහා අවස්ථාව ලබා දුන් චන්ද්‍රන් රත්නම් අන්තර් පාඨශාලීය සිනමා උළෙලේ සංවිධායක කමිටුව ඒ අතරින් වැඩිම ප්‍රෙක්ෂක මනාපය දිනූ චිත්‍රපටයට මෙම සම්මනා උළෙලේ දී ඇගයීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හොඳම අධ්‍යක්ෂණය,හොඳම පිටපත් රචනය,හොඳම රංගන ශිල්පියා සහ ශිල්පිණිය,හොඳම සංස්කරණය,හොඳම කැමරාකරණය,යන ප්‍රධාන සම්මානවලට අමතරව ජූරියේ විශේෂ ඇගයීම් කිහිපයක් සඳහා ද මෙහිදී පාසල් සිසුන්ව තොරා ගෙන ඇගයීමට කටයුතු සැළසුම් කර තිබීම ශ්‍රී ලංකාවේ අනාගත සිනමා කර්මාන්තය වෙනුවෙන් කරන ලද හොඳ ආයෝජනයකි.

මේ වන විටත් ක්‍රියාත්මක චන්ද්‍රන් රත්නම් ඇකඩමිය සම්බන්ධයෙන් ද පාසල් සිසුන් මේ සිනමා උළෙල හරහා දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර එය ද ලංකාවේ සිනමාවේ අනාගතය වෙනුවෙන් හිස් තැනක්ව පවතින අධ්‍යයන කටයුතුවලට මහත් පිටුවහලක් වෙනු ඇත.එහිදි ප්‍රයෝගික ක්‍රියාකාරකම් සඳහා ඇති පහසුකම් නිසා නව සිනමාව න්‍යායාත්මකව පමණක් නොව තාක්ෂණිකව ද හසුරුවා ගැනීමට අවශ්‍යය මඟ පෙන්විම මෙම සිනමා ඇකඩමිය තුළින් දැනෙනු ඇත.

මෙම පාසල් සිනමා පට අතරින් අනාගතය භාර ගැනීමට සුදුසුකම් ඇති අංකුරු ශිල්පීන් විශාල පිරිසක් ලංකාවේ සිනමා කේෂ්ත්‍රයේ අවධානයට යොමු වනු ඇත.ඒ අවධානය පසුපස සිනමා සමාජය දක්වන හඹායාම හෙට දවසට වැදගත් සිනමා ශිල්පීන්ට මඟ පෙන්වනු ඇතැයි බලාපොරොත්තු තිබිය හැකිය.සිනමාත්මක අත්දැකීම් පාසල් තුළට රැඟෙ යාමේ දුලබ බව මකා දමමින් ඒ අවශ්‍යයතාවය සපුරාලීමට ඉදිරිපත් වූ චන්ද්‍රන් රත්නම් සිනමා අධ්‍යයන ආයතනයට මෙන්ම ඒ හරහා පාසල්වල ආශිර්වාදය ඇතිව සිනමා නිර්මාණයන් සිඳු කිරීමට දායක වූ සියලුම දුවා දරුවනට ද යහපත් අනාගතයක් උදාවේවා.