මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 13,000 ඉක්මවයි
අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්තය 13,000 ඉක්මවා ගියේය.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 34 ක ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
වැඩිම ආසාදිතයින් පිරිසක් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 57 ක් වේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 18,841ක් වන අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,497කි.
ඊයේ සිදුවු කොවිඩ් මරණ 4 සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 73ක් දක්වා ඉහළ ගියේය.