ශ්‍රි ලංකා කණ්ඩායමට ලාහෝර්හි දී ප්‍රහාරය එල්ල කළ ඉක්බාල් ඝාතනය කෙරේ

2009 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර්හිදී එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදියෙක් වූ අල්කයිඩා සහ ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් පකිස්තාන් (ටීටීපී) ඛයාරා කණ්ඩායමේ සාමාජික, ඉක්බාල් හෙවත් බාලි ඛයාරා ඝාතනය කළ බව පකිස්ථාන පොලිසිය තහවුරු කළේය.
පකිස්ථානයේ ෆාටේ මුවර් අසලදී පොලිසිය සමග ඇති වූ ගැටුමක් අතර ඔහු මරා දැමූ බව පකිස්ථාන පොලිස් නිලධාරීහු තහවුරු කළහ.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, චමින්ද වාස් ඇතුළු ක්‍රීඩකයින් හත් දෙනෙකු තුවාල ලැබූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළ බස් රථයේ රියදුරා විසින් ගත් ඤාණාන්විත සහ නිර්භීත හැසීරීම හේතුවෙන් ක්‍රිඩකයින්ගේ ජීවිත බේරා ගැනීමට හැකි විය.

මෙම ප්‍රහාරයෙන් වසර ගණනාවක් යන තුරු ක්‍රිකට් ඇතුළු සියලුම ජත්‍යාන්තර ක්‍රීඩා පකිස්ථානය තුළ පැවැත්වීම අත්හිටවීමට ජාත්‍යාන්තරය කටයුතු කළේය.

ඉක්බාල් හෙවත් බාලි පකිස්ථානයට අත්‍යාවශ්‍ය සිටි දරුණුම ත්‍රස්තවාදියෙක් විය. ඔහුව මරා දැමීම හෝ අල්ලා ගැනීම සඳහා රුපියල් මිලියන 10.5 ත්‍යාගයක් ද පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේය.

ත්‍රස්තවාදී හා ඉලක්කගත ඝාතන සිද්ධි 26කට මෙම අපරාධකරු පකිස්ථාන පොලිසියට අවශ්‍යව සිටියේය.