කොළඹට ආරක්ෂාව යොදවා තිබුණේ වැරදි බුද්ධි තොරතුරක් නිසාද?

කොළඹට ආරක්ෂාව යොදවා තිබුණේ ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් නිසා… රජයේ ආරංචි මාර්ග දැන් කියයි!

යුද හමුදාවත්, පොලිස් දෙපාර්තමේන්තුවත්, ඇතුළු විවිධ පාර්ශව විවිධ හේතු දක්වා තිබූ කොළඹ ආරක්ෂාව තර කිරීමේ නියෝගය ලබා දී ඇත්තේ කිසිවෙක් විසින් නොව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග දැන් ප්‍රකාශ කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත 2023.05.12 වනදා සිට කොලඹට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත්තේ සංවිධානාත්මකව මහජන කැලඹීමක් ඇතිකිරීමට හා මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇතිකිරීමට පිරිසක් සූදානම්ව ඇති බවට බුද්ධි තොරතුරු ජනාධිපතිවරයා වෙත ලැබීම නිසා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

ලැබුණු තොරතුරු මත ජනාධිපතිවරයා වහාම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට මේ පිලිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

අනතුරුව සාගල රත්නායක හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ පිලිබදව සාකච්ඡා කොට හදිසි රැස්වීමක් කැදවා ඇති බවත්, ඒ අනුව යුධ හමුදාපති විකුම් ලියනගේ ,මේජර් ජෙනරල් සුරේෂ් සලේ,බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන නිලධාරින් ජනාධිපති කාර්‍යාලට කැදවා ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී බුද්ධි තොරතුරුවලට අනුව ආරක්ෂක අංශ කෙසේ සූදානම් විය යුතුද යන්න සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කර ඇති බවත් මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ශ්‍රීලංකා පොලිසිය හා යුධ හමුදාව සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරන ලද බවත් අභ්‍යන්තර තොරතුරු කියයි.

පෙරේදා (12) සිට මේ දක්වා කොලඹ ආරක්ෂාව දැඩි කර ඇත්තේ මේ නිසා බව දැනගන්නට ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් ආහාර පාර්සල් 1500 ක් ඕඩර් කර ඇත.

ජනාධිපතිවරයා මේ පිළිබඳව පසු විපරම් කිරීමේ දී දැන ගෙන තිබෙන්නේ කොළඹ සරසවියේ නවක සිසුන් පිළිගැනීමට සති අන්තයේ පාටියක් තිබෙන බවත් ඒ සඳහා ආහාර ඇනවුම් කර ඇති බවයි. අනෙක් අතට මේ දිනවල සරසවි වල විභාග පැවැත්වෙන බවද විභාග තිබිය දී කිසිසේත්ම සිසුන් අරගල සඳහා සහභාගී නොවන බවද ජනාධිපතිවරයා දැන ගෙන තිබේ.