වැස්සට සේදුනු IPL අවසන් මහා තරගය අද හවස 7.30ට….

වර්ෂාව නිසා ඊයේ සේදී ගිය අයි.පී.එල් අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩංගනයේ දි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

චෙන්නායි සුපර් කිංස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය නැරඹීම සදහා ඊයේ දහස් සංඛ්‍යාත ප්‍රකේෂක් ප්‍රමාණයක් ක්‍රීඩාංගනයට පැමිණ සිටියහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අධික වර්ෂාව හේතුවෙන් තරගයේ එක් පන්දුවක් යැවීමට නොහැකිවන සේ තරගය සේදී ගියේය. ඒ අනුව තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ඊයේ තරගය අත්හැරිමට තීරණය කළහ.

අවසන් මහා තරගයට යම් හෙයකින් බාධා ඇතිවුවහොත් අතිරේක දිනයක් තරග සැලසුමේම වෙන් කර තිබිණි. තරගය අද දක්වා කල් යන්නේ ඒ අනුවය.