නතාෂා රක්ෂිත බන්ධනාගාරයට….

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය ජුනි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඊයේ (27) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ රටින් පිටවීමට යෑමේදී ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇය පවසා තිබුණේ “සුද්ධෝන රජුගේ කොළු පැටියා “ යන වචන බුදුන්වහන්සේට අපහාස කළ බව කියමින් මහා ගැටලුවක් මාධ්‍ය ඔස්සේ මතු කර තිබිණි.

පුද්ගලික රූපවාහිනී නාලිකා දෙකක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සැලකිය යුතු කාලයක් වැය කරමින් එම ප්‍රකාශ විකාශනය කර මේ සිද්ධියට දැවැන්ත ප්‍රමුඛතාවයක් ලබා දුන්නේය.