ආගමික සංහිඳියාව වෙනුවෙන් විශේෂ පොලිස් ඒකකයක් !

ආගමික සහජීවනයට බාධා පමුණුවන පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්ට උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ආගමික අසමගිය ඇති කරමින් රජය අපහසුතාවට පත් කිරීමට සහ රටේ ස්ථාවරභාවය කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවට බුද්ධි අංශ වෙතින් ජනාධිපතිවරයා වෙත තොරතුරු ලැබී ඇති බැවින් මෙම තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපතිවරයාගේ තීරණය අනුව පිහිටුවන නව පොලිස් ඒකකයේ වගකීම ලෙස උක්ත ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව අවධානයෙන් සිටීම සහ රටේ ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයේ ක්‍රියා වැළැක්වීමේ වගකීම බවයි එම ආරංචි මාර්ග අනුව වැඩිදුරටත් සඳහන් වුණේ.