විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට , විදෙස් ගමන් බලපත්‍ර (Passports) අලුත් කර ගැනීමේ නවතම ක්‍රමය මෙන්න !

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා ජූනි මස 01 වැනිදා සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගමන් බලපත්‍රය අලුත් කර ගත හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට පැමිණීමෙන් තොරව අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බවයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර විද්‍යුත් ගමන් බලපත්‍ර හඳුන්වාදීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන ඔන්ලයින් වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද එහිද වෙන වෙනම සාකච්ඡා කර තිබේ.

විදේශිකයන්ට පහසුවෙන් වීසා ලබා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල දේශීය සහ විදේශිකයන් සඳහා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.