ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න… ඇමරිකන් තානාපතිනිය

රටක් ලෙස ශ්‍රී ලංකාව ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ සමස්ථ හරය සෑම පුරවැසියෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම බව ඇමෙරිකානු තානාපතිනිය එම ට්ටවිටර් පණිවිඩයෙන් කියයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇය වැඩිදුරටත් කියා සිටින්නේ , “මෙම මූලික අයිතිවාසිකම ආරක්ෂා කිරීම, සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ථාවර, සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් නැවත ගොඩනැගීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේ මූලික ගලක් විය යුතුය.” ලෙසය.