සබරගමුව ආණ්ඩුකාරවරයා අස්වෙයි : නව ආණ්ඩුකාරවරයා නවින් දිසානායක

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර තිබේ.

ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වනදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 සැප්තැම්බර් 18 වනදා ටිකිරි කොබ්බෑකඩුව සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබුණි.

මේ අනුව සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන නවින් දිසානායක පත්කිරීමට නියමිතය.