STF වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

පසුගිය 17 වැනිදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ආසන්නයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබූ බවට සැක කරන සැක කාර ඝාතකයා අද (24) අළුයම ඇඹිලි පිටියේ දී විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවක් අතර දී වෙඩි වැදී මිය ගිය බව පොලිසිය පවසයි.

ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයාය ප්‍රදේශයේ දී නිවසක් තුළ ද සැඟවී සිටිය දි මෙම පුද්ගලයා සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අතර වෙඩි හුවමාරුව සිදු වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෙඩි වැදී මියගොස් ඇත්තේ 22 හැවිරිදි හමුදාව හැර ගිය පුද්ගලයෙකි. ඔහු පාතාලයේ තවත් ඝාතන රැසකට සම්බන්ධ වෙඩික්කරුවෙක් බව ද පොලිසිය කියයි.

පසුගිය 17 වැනිදා හිනටියන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් යතුරුපැදියකින් යමින් සිටිය දි වාහනයකින් පැමිණි පිරිසක් ඔවුනට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබිණි.

වෙඩි වැදී තිබුණේ මිනුවන්ගොඩ, හීනටියන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 සහ 43 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව ද මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.