රනිල්ගේ ගෙට ගිනි තිබ්බ එක ‌පෙන්නුවා කියා පියත් නිකේෂල අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2022.07.09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම වූ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ද ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඊට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.