ජනපති ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව ,දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට බලාපොරොත්තු වේ.

එහිදි ජනාධිපතිවරයා, ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් , ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී මෙරට පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හිදී ලබාදුන් සහාය සම්බන්ධයෙන් හා එවැනි සැපයුම් දීර්ඝ කාලීනව ඉදිරියට ගෙනයෑමේ නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමුකරනු ඇති බව සඳහන් .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තවද, දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වන අතර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු ඇතුලු විශේෂ නියෝජිතයින් රැසක් හමුවීමට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.