චිතකයක් මත සැතපී ගිනි තබා ගෙන අමිත අරණ හිමියන් අපවත් වෙයි !

නවගමුව පත්තිනියාවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් උන් වහන්සේ විසින් ම සාදා ගත් චිතකයක් මත සැතපී ගිනි තබා ගෙන අපවත් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස අපවත්ව ඇත්තේ 81 හැවිරිදි හිමිනමකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වර්ෂ 2004 දී මහණ දිවියට පත් උන් වහන්සේ අමිත අරණ නම් අක්කර එකහාමාරක් පමණ වන අසපුව වැඩ සිට ඇති අතර මින් පෙරද එම අසපුව අසල චිතකයක් සාදාගෙන සිට ඇති බවත් පසුව පසුගිය ජනවාරි මාසයේදී නව චිතකයක් ආවාස ගෙය අසලම ඉදි කර ගෙන තිබී ඇතැයි ද එම චිතකය මත හිද ගිනි තබාගෙන ඇතැයි සිදුකල පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි ද නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.