රාජපක්ෂගේ නිලධාරීන් ‘පාස්කු ඉරිදා ශ්‍රී ලංකා බෝම්බවලට සම්බන්ධයි’ – ද ටයිම්ස්

බ්‍රිතාන්‍ය සංචාරකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට රාජපක්ෂ පවුලට පක්ෂපාතී ශ‍්‍රී ලංකා නිලධාරීන් හවුල් වූ බවට කෙරෙන විශේෂ හෙළිදරව්වක් චැනල් 4 නාලිකාව හෙට සිදුකිරීමට අපේක්ෂා කරයි.

ඔවුන් එම වැඩසටහන නම් කර ඇත්තේ “Sri Lanka’s Easter Bombings – Dispatches” නමිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එක්සත් රාජධානියේ ටයිම්ස් පුවත්පතට අනුව, ශ්‍රී ලංකාව අස්ථාවර සහ අනාරක්ෂිත කර රාජපක්ෂලාට නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා වු කුමන්ත්‍රණයට සම්බන්ධ ඉහළම භූමිකාවක් කළ අභ්‍යන්තරිකයෙකු කියා ඇත්තේ ඔහු ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සුරේෂ් සලෙයි සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ බෝම්බකරුවන් අතර 2018 වසරේ දිනක සාකච්ඡාවක් සංවිධානය කළ බවයි.

ටයිම්ස් පුවත්පත මේ බව පවසන්නේ හෙට විකාශනය කිරීමට නියමිත චැනල් 4 නාලිකාවේ වැඩසටහන පිළිබඳ කරන හෙළිදරව්වක දී ය.

මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා’ සලේ සහ බෝම්බකරුවන් සම්බන්ධ කළ මෙම පුද්ගලයා වත්මන් රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයන්ගේ TMVP පක්ෂයේ එවක මාධ්‍ය ප්‍රකාශකවරයාය. එමෙන්ම මුදල් ලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කර තිබිණි.

ඔහු ‘මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා’ ය.

“රැස්වීම අවසානයේ සුරේෂ් සලෙයි මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අස්ථාවර අනාරක්ෂිත තත්ත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි, කියලා” “ප්‍රහාරය දිනකින් දෙකකින් කළ සැලසුමක් නොවේ, සැලසුම වසර දෙක තුනකින් සකස් වෙමින් තිබුණා.”

ඔහු කියා තිබුණේය.

ටයිම්ස් පුවත්පතට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස හයකට පසු ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බවට දුන් පොරොන්දුව මත ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීමත් සමඟ සුරේෂ් සලෙයි හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස උසස් කර තිබේ.

රාජපක්ෂලා මේ විනාශය කළේ ඇයි?

ටයිම්ස් වාර්තාවට අනුව ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ සොහොයුරාවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කර යුද්ධය නිමා කිරීමට දායක වූ නමුත්, වර්ෂ 2015 දී බලය අහිමි වීමත් සමග සිය පාලන කාලය තුළ අධිකරණයෙන් පරිබාහිර ඝාතන, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මහා පරිමාණ දූෂණ පිළිබඳ විමර්ශන අභියසට කැඳවීය.

පාස්කු ප්‍රහාරයට රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක සිට කටකතා පැතිර ගිය නමුත් ඔවුන් මෙම බෝම්බ කරුවන් සමග තිබූ සම්බන්ධතාවය ද සහිතව ඉහළ පෙළේ තොරතුරු හෙළි කරන්නන් පළමු වරට කතා කරන්නේ හිටපු චැනල් 4 ප්‍රවෘත්ති කර්තෘ බෙන් ද පෙයාර් විසින් ආරම්භ කරන ලද “බේස්මන්ට් ෆිල්ම්ස්” විසින් නිශ්පාදනය කරන ලද මෙම වාර්තා චිත්‍රපටයෙන් බව ටයිම්ස් පුවත් පත කියන්නේය.

මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලාගොස් තිබුණේය. අනතුරුව ඔහු සිය සාක්ෂිය යුරෝපීය බුද්ධි අංශවලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර ඇත.

විශේෂත්වය වන්නේ ඔවුන් ඔහුගේ ප්‍රකාශ විශ්වාසනීය ලෙස සලකමින් විමර්ශනය කිරීමය. බෝම්බකරුවන් හා සලේගේ සබඳතා තහවුරු කරන තවත් වැදගත් සාක්ෂියක් බෝම්බකරුවන් සමඟ සුරේෂ් සලේගේ සබඳතා පිළිබඳ මවුලානාගේ සාක්ෂියට සහය දෙන දෙවන රහසක් හෙලි කරමින් නම හෙළි නොකළ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ බෝම්බ ප්‍රහාරයට පෙර සහ පසුව, හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන නැවත නැවතත් ව්‍යර්ථ කළ බවය.

2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ විට, විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරු කර යවා, විමර්ශනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර ඇතැයි එම නිලධාරියා හෙළි කර තිබේ. චැනල් 4 විසින් ලබාගත් ලියකියවිලි අනුව බෝම්බ ප්‍රහාරයට පෙර අයිසිස් සම්බන්ධ අවධානයෙන් පොලිසිය ඉවතට විසි කිරීම සඳහා හමුදා බුද්ධි අංශ විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ තොරතුරු කිහිපයක් ඇතැයි පැවසේ.

අනෙකුත් ලේඛනවලින් පෙනී යන්නේ බෝම්බ ප්‍රහාරයට සති දෙකකට පෙර ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාවට අයිසිස් බෝම්බකරුවන් කතෝලික පල්ලිවලට පහර දීමට සැලසුම් කරන ආකාරය පිළිබඳ අනතුරු ඇඟවීමය.

එම අනතුරු ඇඟවීම සම්බන්ධව කිසිවෙක් පියවර ගෙන නැති අයුරු ඔවුන් අවධාරණය කොට පෙන්වයි. 2021 දී බෝම්බ ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පූර්ණ කර අවසන් වූයේය. නමුත් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම වාර්තාව නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

කොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධ සිදුවීම සම්බන්ධව පාප් වහන්සේට ආයාචනා කළහ. ප්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එතුමෝ පසුගිය වසරේ ඉල්ලා සිටියහ. අසාද් හන්සීර් මවුලානාගේ සාක්ෂිය විශේෂයෙන් කැපී පෙනෙන්නේ තමන් සුරේෂ් සලේ සමඟ බෝම්බකරුවන් සම්බන්ධ කළ බව කියන නිසාය. විපතට පත් වූවන්ගේ පවුල් සඳහා ලන්ඩනයේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති නීතීඥයින් පැවසුවේ ඔහුගේ සාක්ෂිය ශ්‍රී ලංකාවෙන් පිටත මෙන්ම ඇතුළත අධිකරණ බල ප්‍රදේශවල සහන අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට උනන්දුවක් ඇතිකරන බවය.

මවුලානාට බෝම්බකරුවන් හමුවී ඇති අයුරු

රාජපක්ෂලාට හිතවත් දේශපාලනඥයකු වූ පිල්ලෙයාන්ගේ සහායකයකු ලෙස මවුලානා වසර ගණනාවක් සේවය කළේය.

ඔහුට බෝම්බකරුවන් හමුවී ඇත්තේ දේශපාලන විරුද්ධවාදියෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට ලක්ව දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටියදීය.

මවුලානා කියා සිටියේ පිල්ලෙයාන් මෙම අන්තවාදීන්ගේ උපයෝගීතාව දුටුවේ “මරණය, මරණය, මරණය” ගැන බවය.

පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ ඔවුන්ව මුණගැසීම සැලසුම් කිරීමට පෙර ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කළ බව මවුලානා පවසයි.

“අපට ඔවුන් පාවිච්චි කළ හැකියි, ඔවුන් ලෝකයේ කිසිවක් ගැන උනන්දුවක් නොදක්වයි,” පිල්ලෙයාන් උපුටා දක්වමින් මවුලානා පැවසීය.

සුරේෂ් සලේ ගේ ඇමතුම බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින උදෑසන සුරේෂ් සලේගෙන් ඇමතුමක් ලැබුණු බව මවුලානා කියා ඇත. ඔහු කියා ඇත්තේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් එක් අයකු රැගෙන එන ලෙසය.

නමුත් ඔහුට එය කිරීමට නොහැකි වී තිබේ. බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු හදිසියේම පිටව යාමට පෙර ටාජ් සමුද්‍රා හෝටලය තුළ ඇමතුමක් ලබා ගන්නා බව CCTV හි දැක්වේ. පැය කිහිපයකට පසු ඔහු දෙහිවල කුඩා හෝටලයක් තුළ බෝම්බයක් පුපුරුවා හැර තිබිණි.

සුරේෂ් සලේ ගේ ප්‍රතිචාරය කෙසේ වෙතත් චැනල් 4 වෙත ලිපියක් යවමින් සුරේෂ් සලේ පවසා ඇත්තේ එම චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බවය.

චිත්‍රපට නිෂ්පාදකයින් සමඟ කතා කළ කිසිම පුද්ගලයෙක් සමඟ තමන් කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ බවත් එසේ සම්බන්ධ වූ බවට කියන කතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු වැඩිදුරටත් ලිඛිතව දන්වා ඇත්තේය.

බෝම්බකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන දිනවලදී තමා ශ්‍රී ලංකාවේ නොසිටි බව ඔහු පෙන්වා දි ඇත්තේය. “පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නැහැ,” ඔහු ලිඛිතව දන්වා තිබෙන්නේය.

පිල්ලෙයාන් හෝ රාජපක්ෂ පවුල චැනල් 4 චිත්‍රපටය සම්බන්ධව අදහස් දැක්වීමට කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි ටයිම්ස් ප්‍රකාශ කරයි.

Rajapaksa officials ‘linked to Easter Sunday Sri Lanka bombs’