සහරාන්ගේ අවසන් වීඩියෝවේ සම්පූර්ණ කතාව (Videos)

පාස්කු ප්‍රහාරය දියත් කිරීමට පෙර සහරාන් ඇතුළු සහචරයින් ඔහුන්ගේ සියදිවි නසාගැනීම සඳහා හේතු ඉදිරිපත් කරමින් වීඩියෝවක් පටිගත කර ඇත.

ප්‍රහාරයට දිනකට පෙර එනම් 2019 අප්‍රේල් මස 20 වැනි දින පස්වරු 1.20 ට පමණ ගල්කිස්සේ පිහිටි ස්පෑන් ටවර් හී පිහිටි මහල් නිවාසයකදී මෙම පටිගත සිදුකළ බව අපරාධ විමර්ශකයින් විසින් පසුව සොයා ගනු ලැබීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අරාබි සහ දෙමළ බාසාවෙන් පැයකට අධික කාලයක් තිස්සේ මෙම පටිගත කිරීම සිදුකොට ඇති අතර එහි පිටපත පසුව සහරාන්ගේ සොයුරාවන රිල්වාන් වෙත ලබාදී තිබිණ. ඒ, එම වීඩියෝවේ ප්‍රතිඥා දෙන කොටස ප්‍රහාරය සිදුවීමෙන් පසු අන්තර්ජාලයට මුදා හැරීම සඳහා යි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් සුවිශේෂී අනාවරණ කිහිපයක් සහිත විශේෂ වැඩසටහනක් පසුගියදා විකාශනයක කරනු ලැබූ අතර ඉන් අනතුරුව මෙම ප්‍රහාරය දේශපාලනික මුහුණුවර සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් සංවාදයක් හටගෙන ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස මහා මොළකරුවෙකු සිටි බවත් එය දේශපාලන අරමුණු මුදුන් පත් කිරීම සඳහා සිදු කළ දෙයක් බවත් එක් පාර්ශවයක් කියද්දී , තවත් පාර්ශවයක් පවසන්නේ එය හුදෙක් ආගමික අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බවයි.

එවැනි තත්වයක් තුළ සහාරන්ගේ අවසන් ප්‍රකාශය යළි අධ්‍යනය කිරීම මේ දෙපාර්ශවයටම එකසේ වැදගත්විය හැක.