බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට යමින් සිටි පුද්ගලයින් 5කට කොවිඩ්
බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට යමින් සිටි පුද්ගලයින් 451 දෙනෙකු අතුරින් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස අද (18) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අහඹු ලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවෙන් ඔවුන් ව හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින්ව අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක්කිරීම අද (18) ඇරඹිණි.
එය ස්ථාන 5කදී සිදුකරයි.