පිටකෝට්ටේ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 50ක් හමුවේ

පිටකෝට්ටේ එපිටමුල්ල මෙට්ලික්ස් වත්තේ සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත රෝගීන් 50 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් මේ වනවිට මෙට්ලික්ස් වත්තට සංචරණ සීමා පැනවීමට පිටකෝට්ටේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පිටකෝට්ටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී අසිත නාමල් ජයසිංහ මහතා පැවසූවේ එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින් එක් පුද්ගලයෙකු ආසාදිත බවට හඳුනාගැනීමත් සමග පුද්ගලයින් 140 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ බවය.

එම පරීක්ෂණවල ප්‍රතිඵල අද දිනයේ ලැබී තිබූ අතර ඉන් 50 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

මෙට්ලික්ස් වත්ත ප්‍රදේශයේ පවුල් 43කට අයත් පුද්ගලයින් 208 දෙනෙකු ජීවත් වේ.

ආසාදිත බවට හඳුනාගෙන ඇති පිරිස රෝහල් කරා රැගෙනයෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර අනෙක් පිරිස් නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.