ස්වයං සමාවක් ලබාගැනීම ගැන ට්‍රම්ප් සොයා බලලා

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් වෙත ස්වයං සමාවක් ලබාගැනීම පිළිබඳ නීතිමය තත්ත්වයන් ධවල මන්දිරයේ උපදේශක පැට් සිපොලෝන් ඇතුළු සහායකයන්ගෙන් සහ ඔහුගේ නීතීඥයන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් වාර්තා පවසයි.

විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමේ සිට මේ දක්වා ඔහු විසින් උසිගැන්වූ කැපිටල් ගොඩනැගිල්ලේ මැර ප්‍රහාරය මෙන්ම, ඔහුට එරෙහිව ඉදිරියේදී එල්ල විය හැකි නීතිමය හා දේශපාලන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් උනන්දු වෙමින් ට්‍රම්ප් මෙසේ තමා වෙත ස්වයං සමාවක් ලබාගැනීම ගැන උපදෙස් පතා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවීම සමග ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක්වීමේ අවදානමක්ද පැවති අතර, ඔහු බලයෙන් ඉවත් කරන ලෙස උප ජනාධිපති මයික් පෙන්ස් හා කැබිනට් මණ්ඩලය වෙතද ඇමෙරිකාව තුළින් මෙන්ම, ඇමෙරිකානු පාර්ශ්වයේ කටුතු කළ විවිධ ඉඟි පළ කෙරී ඇති බව කියයි.