මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයින් නිදහස් කෙරේ

මියන්මාරයේ දී අත්අඩංගුවටගත් මෙරට ධීවරයින් 12දෙනා නිදහස්කර ඇති බව වාර්තා වේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා පැවසුවේ අත්අඩංගුවටගෙන බන්ධනාගාරගතකර සිටි අදාළ ධීවරයින් 12දෙනා නිදහස් කිරීමට මියන්මාර බලධාරින් පියවරගෙන ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වසරේ ජනවාරි මාසයේ දී ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම ධීවරයින් පසුගිය පෙබරවාරි මාසයේ දී මියන්මාර නාවික හමුදාව විසින් අත්අඩංගුවටගෙන තිබුණේ මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා මතය.

පසුව එරට අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ ධීවරයින් බන්ධනාගාරගත කිරීමට නියෝගකර තිබුණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අදාළ ධීවරයින් පිරිස මෙලෙස නිදහස් කරගැනීමට හැකිවී තිබේ.